කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරනු ලබන PCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (RAT) සම්බන්ධයෙන් උපරිම මිල නියම කරමින් හෙට (12) දිනයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඒ අනුව PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රු.2000ක් යන උපරිම සිල්ලර මිලකට යටත්ව සිදුකිරීමට පෞද්ගලික අංශයේ රෝහල් වලට නියම කෙරෙනු ඇති.
කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරන්නේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීම පෞද්ගලික රසායනාගාරවලට ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා ගෙන ඇති තීරණය ලැජ්ජා සහගත බවයි.