එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා ලැබ සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට භාරවී තිබෙනවා.
ඔහු ඊයේ (27) දිනයේ මොරටුවේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනට බාධා කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියට තර්ජනය කරමින් පවසා සිටියේ තමන් නිකුත් කරන ලද ටෝකන්වලට පමණක් කොවිඩ් වැක්සීනය ලබාදෙන ලෙසයි.
එසේ නොවන්නේ නම් අදාළ එන්නත්කරණ වැඩසටහන සිදුකරගෙන යෑමට තමන් ඉඩ ලබා නොදෙන බවට නගරාධිපතිවරයා දිගින් දිගටම තර්ජනය කර සිටියා.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ද එම සිදුවීම නරඹමින් පමණක් සිටීමද විශේෂත්වයක්.
ඊයේ පස්වරුවේ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නගරාධිපතිවරයා පවසා සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවා අනුමත කර අනුගමනය කරන ටෝකන් ක්‍රමය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කාබාසිනියා කල බවයි.