24 C
Colombo
Monday, January 20, 2025

C2 යි S1 ට කොතලාවලින් MBBS

- Advertisement -

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිවිල් අයදුම් කරුවන්ට වෛද්‍යවේදී සහ ශල්‍යවේදී (MBBS) උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 05 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බවයි.

2022 වර්ෂයේ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ අ.පො.ස (උපෙළ) විභාගයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍යය (C) දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ්‍යය (S) එකක් ලබා ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම ලබා තිබීම, මෙම උපාධිය සඳහා තෝරාගැනීමේ නිර්ණායක අතර වෙනවා.

වෛද්‍යවේදී සහ ශල්‍යවේදී (MBBS) උපාධිය සඳහා අයදුම් කිරීම සඳහා සලකා බැලෙන සුදුසුකම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල ෆේස් බුක් පිටුවෙහි මෙලෙස සඳහන් කර තිබෙනවා.

• ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.

• අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 17 ට නොඅඩු සහ අවුරුදු 24 ට නොවැඩි විය යුතු වේ.

• 2022 වර්ෂයේ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ අපො.ස (උ/පෙළ) විභාගයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍යය (C) දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ්‍යය (S) එකක් සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම ලබා තිබීම, හෝ

• විදේශ අධ්‍යාපන සුදුසුකම් යටතේ 2023 වර්ෂයේ කේම්බ්‍රිජ්/ එඩෙක්සෙල් උසස් පෙළ (Cambridge/ Edexcel A/L) හෝ ඒ හා සමාන විභාගයකට පෙනී සිටි ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විදනව යන විෂයන්ට අවම වශයෙන් “C” සාමාර්ථය දෙකක් හා D සාමාර්ථ එකක් සහිතව ප්‍රතිඵල ලබා තිබීම.

• ඉහත සියලුම විභාග ප්‍රතිඵල එක් පෙනී සිටීමකදී ලබා තිබිය යුතු අතර විභාගය සදහා පෙනීසිටිය හැක්කේ උපරිම වාර තුනක් පමණි.

• අ.පො.ස. (උ/පෙ) සාමාන්‍ය පොදු පරීක්ෂණයෙන් සමත් වී තිබීම (අවම ලකුණු – 30)

• අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් ඉංග්‍රීසි භාෂා විෂයයට සම්මාන (C) සාමාර්ථයක් ලබා තිබීම හෝ විදේශ අධ්‍යාපන සුදුසුකම් යටතේ Cambridge /Edexcel General Certificate of Secondary Education (GCSE) විභාගයෙන් ඉංග්‍රීසි භාෂා විෂයයට “C” සාමාර්ථ්‍යයක් ලබා තිබීම අනිවාර්ය වේ.

• අවිවාහක විය යුතුය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

මීට පෙර දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබුණා.

එම අවස්ථාව තවදුරටත් පුළුල් කරමින් 2024 අධ්‍යයන වර්ෂයේ සිට පහත සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම් කරුවන්ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි වාර්තා වෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

Breaking: ගල්ඔය බැම්ම කඩා යයි – අක්කර 600ක් යට වෙයි

ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති...