26 C
Colombo
Friday, May 17, 2024

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

- Advertisement -

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ, එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණයට එක්වෙමින්.

මේ අතර, ඇල්ල, වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම් තත්ත්වයක් ඇති ස්ථානය පිළිබඳ වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සතියක පමණ කාලයක් තුළ ලබාදීමට එකඟත්වය පළ කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසනවා.

ඔහු පැවසුවේ, මෙම වාර්තාව මගින් භූමියේ අස්ථාවරත්වය හඳුනාගෙන එය ස්ථාවරත්වයට පත් කිරීම සඳහා වන කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් මෙමගින් ලබා දෙනු ඇති බවයි.

මහජනතාව අතර මතයක්ව තිබූ කරඳගොල්ල මලිත්තගොල්ල නායයාම හා උමා ඔය භූගත ජල මාර්ගය අතර සම්බන්ධයක් ඇද්ද යන්න පිළිබඳවද ජල මූලාශ්‍ර අධ්‍යයනය කොට විමර්ශනය කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ, එම තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා යම් භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළ බවත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ ගණනාවක් භූමියේ ස්ථාපනය කරනු ලැබූ බවයි.

RECENT ARTICLES - SINHALA

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

සජිත්ගෙන් ඩේලි මිරර් එකට බැනුම්

නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 'ඩේලි මිරර්'...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...