චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ රථ පෙළපාලිය හේතුවෙන් මාර්ගය අවහිර වීමට විරෝධය පළ කරමින් හෝන් නාදය කළ තරුණයාව අත් අඩංගුවට ගැණීම හරහා සාමකාමි විරෝධතා සඳහා ජනතාවට ඇති අයිතිය අහිමි කිරීම නිරූපණය වන බව මාධ්‍ය සංවිධාන එකමුතුව අවධාරණය කර සිටිනවා.
ලිපියක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ යම් ක්‍රියාවකට විරෝධය පෑමට ජනතාවට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද විවිධ අවස්ථාවන්හීදී පිළිගෙන ඇති බවත් නළා හඬලමින් විරෝධය ප්‍රකාශ කිරීම භාෂණයේ නිදහසේම කොටසක් බවත් ය.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙවැනි ක්‍රියාකලාපයන් ඉතාමත් බරපතල තත්වයක් බවත් කිසිඳු හේතුවක් නිසා මෙය සාධාරණීකරණය කළ නොහැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

