31 C
Colombo
Saturday, July 27, 2024

රට විවෘත කළහොත් ඩෙල්ටා පැතිරේවි. වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක්

- Advertisement -

දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත්කිරීමට කටයුතු කළහොත් අප්‍රේල් මාසයේ උද්ගත වූ ආකාරයේ වසංගත තත්ත්වයක් නැවත ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබෙනවා.

එබැවින් මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් එය ඉවත් කිරීමෙන් කොවිඩ් 19 තත්ත්වය තීව්‍ර වී මරණ සංඛ්‍යාව පිළිගත නොහැකි ආකාරයෙන් ඉහළ යා හැකි බවත් වෛද්‍ය සංගමය පවසා ඇත.

රට තුළ තවමත් දිනකට නව රෝගීන් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 50 ක් පමණ වාර්තා වන බවත් මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරමින් කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ද ප්‍රජාව තුළින් බහුලව හඳුනා ගෙන ඇති බවටත් අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ දැනට පවතින ප්‍රභේදයට වඩා එම ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව 50% කින් යුක්ත බවයි.

වර්තමානයේ ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේ පියවර දින කිහිපයකට හෝ මුදා හැරීමෙන් මිනිසුන් පාලනයකින් තොරව නිදහසේ සංචරණයට යොමු වීමෙන් නව වෛරස ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වී සම්ප්‍රේෂණය භයානක ලෙස ඉහළ යා හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එමඟින් වසංගතය පෙර නොවූ විරූ මට්ටමකින් ඉහළ යා හැකි බවත්, සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම යටපත් කෙරෙන පරිමාවකින් රෝගීන් සහ මරණ ඉහළ යා හැකි බවත් වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...