29 C
Colombo
Saturday, July 27, 2024

චීන – ඉන්දීය විදේශ ඇමතිවරුන් අතර හමුවක්

- Advertisement -

ඉන්දියාවේ සංචාරයක නිරත චීන විදේශ අමාත‍්‍ය වන් ඊ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අතර හමුවක් අද (25) දින හයිද්‍රාබාද් මන්දිරයේදීයි සිදුව තිබෙනවා.

ඊයේ ඉන්දියාවට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා අද දිනයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවී සාකච්ඡා කර ඇති අතර ඉන්දීය වාර්තා පැවසුවේ දේශසීමා ගැටලු හා භූ දේශපාලනික තත්ත්වයන් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි.

2020 වසරේදී ඇති වූ දේශ සීමා ගැටුම්වලින් පසුව දෙරට අතර සබඳතා අයහපත් තත්ත්වයට පත්වූ අතර එම ගැටුමේදී ඉන්දීය හමුදා සෙබළු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. චීන ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්න්‍රික නිලධාරියෙකු ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ ඉන් අනතුරුව පළමු වරටයි.

ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට පෙර චීන විදේශ අමාත්‍යවරයා පකිස්ථානයේ හා ඇෆ්ඝනිස්ථානයේ සංචාරය කළ අතර ඇෆ්ඝනිස්ථානයේදී ඔහු තලේබාන් සංවිධානය සමග ද සාකච්ඡා කරන ලදි.

ඉන්දීය සංචාරයෙන් අනතුරුව චීන විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ නේපාලය බලා පිටත්ව යාමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...