29 C
Colombo
Sunday, June 4, 2023

ජනපති ගෝඨාභය හා රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සර්ව පාක්ෂික නායක රැස්වීමක් කැඳවන ලෙසයි.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දේශපාලන නායකයින්ට යෝජනා ඉදිරිපත් කළ හැකි බව පැහැදිලි කළ ඔහු එක්සත් ජාතික පක්ෂය දැනටමත් තමන්ගේම යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.

සර්ව පාක්‍ෂික නායක රැස්වීමක් සඳහා වූ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලා සිටින ලද මෙම සර්ව පාක්ෂික රැස්වීම ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කැඳවනවාද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කිරීමක් ලැබී නැහැ.

(සංරක්ෂිත ඡායාරූපයකි)

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.