31 C
Colombo
Saturday, July 27, 2024

රැස්වීම් තහනම මැද පැවැත්වෙන මැදගොඩ හිමිගේ රැස්වීම

- Advertisement -

ත්‍රිපිටක සංරක්ෂණ සම්බන්ධයෙන් මැදගොඩ අබේතිස්ස හිමියන් සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය සංවිධානය කළ රැස්වීම BMICH පරිශ්‍රයේ අද (07) දින පැවැත්වෙනවා.

ඒ, කිසිඳු රැස්වීමක් පැවැත්වීම තහනම් බවට රජය විසින්ම ඊයේ දින නිවේදනය කළ පසුබිමකයි.

මෙරට කොවිඩ් මරණ ප්‍රමාණය දිනපතා ඉහළ අගයක පවතින පසුබිමක, පවතින වසංගත තත්වය හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා අනීතිකව මෙවැනි දෑ සිදුකිරීම සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වන්නේ දැඩි දෝෂාරෝපණයක්.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා විසින් කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුනි මහතාව දැනුවත් කරමින් ලිපියක් ද යොමුකර තිබෙනවා.

වෛද්‍ය රුවන් විජයමුනි,
ප්‍රධාන වෛද්‍ය නිලධාරි,
කොළඹ නගරසභාව,

කොවිඩ්-19 අවධානම ඉහළයාම හේතුවෙන් රජයේ සියලුම රැස්වීම්/ උත්සව (functions)සැප්තැම්බරය 1 දක්වා කල්දැමීමට කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කර තිබියදී බෞද්ධ කටයුතු අමාත්‍යාංශ විසින් ත්‍රිපිටක සංරක්ෂණ පණත් කෙටුම්පතට අදහස් ලබාගැනීම සදහා විශාල පිරිසක ගේ සහභාගිත්වයෙන් අද දින (7) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රැස්වීමක් සංවිධානය කර ඇත. කොවිඩ් අවධානම හේතුවෙන් මෙම රැස්වීම කල්දැමීමට මහානායක හිමිවරුන් ද ඉල්ලීමක් කර තිබෙන පසුබිම දැඩි අවධානම් සහගත මෙම රැස්වීම පැවැත්වීම රජයේ නියෝගයන්ට අනුකූලව කල්දැමීමට නියෝග කරන ලෙස ඉල්ලමි.

ආචාර්ය රංග කලන්සූරිය
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...