28 C
Colombo
Saturday, July 27, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

- Advertisement -

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය පිළිබදව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළේ ජනාධිපති මන්දිරයේ සහ අරලිය ගහ මන්දිරයේ දේපළවලට හානි කළ අරගලයේ නිරත පිරිස් අත්අඩංගුවට ගන්නේ නම් පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කළ මන්ත්‍රීවරුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්නයි. පාර්ලිමේන්තුව තුළ සිදුවන කඩාකප්පල්කාරී සිදුවීම් හෝ දේපල විනාශ කිරීම් හෝ සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ නොහැකි බව ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන පවසා සිටියා.

කෙසේ නමුත් මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම සිය විරෝධතාවය පල කර සිටි අතර ඔවුන් පෙන්වා දුන්නේ මන්ත්‍රීවරුන්ට එවැනි වරප්‍රසාදයක් සැබැවින්ම නොමැති බවයි. කතානායකවරයාද ඊට එකඟ විය.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...