28 C
Colombo
Saturday, July 27, 2024

තනතුර නැතත් වසර අටක් වරප්‍රසාද භුක්ති විදින සම්බන්ධන්

- Advertisement -

හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බවට වාර්තා වනවා.

ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තෙක් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබාදී තිබෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා විසින්.

ඒ 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

ඉකුත් 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවෙස ලබා දී තිබෙනවා.

2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමග පිහිටු වූ දින 52 ආණ්ඩුව වෙනස් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් වුවද විපක්ෂ නායක නිල නිවෙස දිගටම පාවිච්චි කර තිබෙන්නේ සම්බන්ධන් මහතායි.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් පසුගිය කාලයේදී ඉවත්වු සම්බන්ධන් මහතා මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...