29 C
Colombo
Thursday, June 30, 2022

ලෝකෙ වටේ ගිය ‘මැණිකේ’ ගෙදර එයි

- Advertisement -

ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.
ඒ, GPS- ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කර යළි දිවයිනට පැමිණීමේ පර්යේෂණයක් මෙහෙයවමිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ මෙම විස්මය ජනක චාරිකාවේ නිරත වූ හියුග්ලින් ගලුවියා (Heuglin’s Gull) නම් කර ඇත්තේ, මැණිකේ යන අන්වර්ථ නාමයෙනි.

ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමග අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙස මැණිකේ ඉතිහාසයට එක්වනු ඇති.

ඒ අනුව මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කළ සංක්‍රමණ චක්‍රයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 19,360 කි.

2021 අප්‍රේල් මාසයේදී මැණිකේට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging) සිදු කෙරුණේ, මන්නාරම දූපතේදී ය.

පුරා දින 20 ක් මන්නාරම දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිටි ‘මැණිකේ’ අප්‍රේල් මස අග භාගයේදී මන්නාරමෙන් පිටත් වූ බව පර්යේෂණ කණ්ඩායම පැවසී ය.

තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමින් යමල් අර්ධද්වීපයට ළඟා වූ මැණිකේ යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර යුරෝපියානු රුසියාවට ඇතුළු වී ඇත්තේ, යූරල් කඳු තරණය කරමිනි.

ජුනි සිට අගෝස්තු දක්වා වූ ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවේදී අභිජනනයේ නිරත වූ මැණිකේ, ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කරන්නේ, අගෝස්තු අගභාගයේදී ය.

ආක්ටික්හි තම ග්‍රීෂ්ම නිවහනෙන් ප්‍රථමයෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට යළි ළඟා වූවා ය.

මැණිකේගේ මෙම ගමන තවත් සුවිශේෂී වන්නේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය ද සපයන බැවිනි.

මෙම සුවිශේෂි චාරිකාව සඳහා මැණිකේ ගෙවූ කාලය සහ දුර

උතුරු සංක්‍රමණයේ දී පුරා දින 35 ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළ මැණිකේට දකුණු සංක්‍රමණය සඳහා දින 91 ක් ගත වූ අතර, මෙහි දී ඇය සම්පූර්ණ කළ දුර කිලෝමීටර 11,480 කි.

ඒ අනුව, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු සම්පූර්ණ චාරිකාව තුළදී මැණිකේ ගෙවා දැමූ දුර , කිලෝමීටර් 19,360 කි.

RECENT ARTICLES - SINHALA

ධම්මික පෙරේරා සහ චීන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ. එහිදී ශ්‍රී...

සියලුම වී ගොවීන්ට යූරියා පොහොර..!

මෙවර වී වගා කළ සියලුම ගොවීන්ට යූරියා පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන්...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආධාර

රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති...

RECENT ARTICLES - ENGLISH

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.

Bus Fares Increased by 22%; Minimum Fare Rs. 40/-

0
Bus fares will be increased by 22%, and the minimum fare will be Rs. 40/- with effect from 1st of July, said...

World Bank assures support to Sri Lanka

0
The World Bank’s Country Director for Sri Lanka Faris Hadad-Zervos said that the World Bank would extend further support after reaching an...