බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රීරෝද රථවලට ජනවාරි 15 වැනි දින සිට මීටරය අනිවර්ය කිරීමට තීරණය කර තිබෙනවා.
දැනට මෙම පළාත තුළ ධාවනය වන බොහොමයක් ත්‍රිරෝද රථවල මීටර් නොමැති වීම හේතුවෙන් රියදුරාට කැමති මුදලක් අය කිරීම සිදුවන බවයි ත්‍රිරොද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ.
එමෙන්ම, ඉන් පසුව, ජූනි මස 15 වැනි දා සිට අනෙකුත් සියලු පළාත්වල ත්‍රිරොද රථවලට මිටර් අනිවර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.