29 C
Colombo
Sunday, June 4, 2023

දසුන් සමග මිකීගේ වාදය – පිටියට ගෙන ඒම නොකළ යුත්තක් රසල් කියයි

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අවසන්වීමෙන් පසු ක්‍රීඩාංගනය තුළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ පුහුණුකරු මිකී ආතර් අතර සිදුවන උණුසුම් සංවාදයක් කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමුව තිබෙනවා.

තරඟය පරාජය වීමෙන් අනතුරුව සිදුවූ මෙම දෙබස එලෙස ක්‍රීඩාංගණය තුළට රැගෙන ඒම පිළිබද බොහෝ දෙනා කණස්සල්ල පලකර තිබුණේ එය කණ්ඩායම අභ්‍යන්තරයේ සාකච්ඡා කළ යුතු එකක් ලෙස පවසමින්.

ඊයේ තරඟයේ ජාත්‍යන්තර විස්තර විචාරය සඳහා එක් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් ද සිය ට්විටර් ගිණුමේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ, “නායකයා හා පුහුණුකරු අතර එම සංවාදය සිදුවිය යුත්තේ පිටිය මැද නොව ක්‍රීඩා විවේකාගාරයේ” බවයි.

ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ද ක්ෂණිකව ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

ඔහු එහිදී පවසා තිබුණේ “අපි දිනන්නෙත් එකට පරදින්නෙත් එකට හැබැයි හැමවෙලාවෙම අපි යමක් ඉගෙනගන්නවා” යනුවෙනි.


“දසුන් සහ මම කණ්ඩායම ගොඩනැගුවා.අපි දෙන්නටම කලකිරීමක් තියෙනවා. නමුත් අපි සීමාව ඉක්මවූයේ නැහැ.එය ඇත්තටම හොඳ සංවාදයක් වුණා. ඒක වැරදියට පාවිච්චි නොකළ යුතුයි.” මිකීගේ ටිව්ටර් සටහනේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.