කොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
පැණි බීමෙන් හෝ මුට්ටි ගඟට දැමීමෙන් වසංගතය මර්දනය කළ නොහැකි බව සියලු දෙනාම අවබෝධ කරගත යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.
නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වන ලබන 30 වැනිදා වන විට මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කරගැනීමට ජනතා සහය අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිාඅරච්චි මහත්මිය රාජකීය වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වාගන්නා එලියන්ත වයිට් නැමැත්තෙක් සමඟ ගංගාවන්ට මුට්ටි දැමීමක් සිදු කිරීම සමාජයේ දැඩි කතා බහට ලක් විය.
එමෙන්ම, ධම්මික නැමති කපු මහතාගේ ව්‍යාජ පැණිය සමාජගත කිරීමට ඇයද මූලිකත්වයක් ගත්තේ මෙරට එන්නත්කරණය නිසි පරිදි අරඹා හෝ නොමැති පරිසරයකයි.
