ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ‘ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය’ විසින් සංවිධානය කර ඇති වැඩසටහනක් මෙහෙයවීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල මහත්මිය කැඳවා තිබෙනවා.
ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයට අයත් ෆේස්බුක් හා Youtube නාලිකාවෙහි අද (06) පස්වරු 5 ට අදාළ වැඩසටහන විකාශය වීමට නියමිතයි.
එම වැඩසටහනෙදි ප්‍රශ්න කෙරෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාවයි.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල මහත්මිය මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂිකාව ලෙසද කටයුතු කරනවා.
![](https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2021/06/189495036_4372394682772751_2561239369387408546_n.jpg?resize=696%2C696&ssl=1)
![](https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2021/06/EfjWXrnU8AAVQdU.jpg?resize=696%2C731&ssl=1)
![](https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2021/06/EZB-Wv5X0AATrED.jpg?resize=696%2C507&ssl=1)
![](https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2021/06/EynXTo_WgAA7jVL.jpg?resize=696%2C927&ssl=1)