28 C
Colombo
Saturday, July 27, 2024

ඇමැතිලා හිතන් ඉන්නෙ අපිත් ඒ වගේ කියලා..! – පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ

- Advertisement -

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඔබ ඉල්ලා අස්වුණා. ඒක දැන් ආන්දෝලනාත්මක සිද්ධියක්. මොකක්ද හරියටම මේකට හේතුව…?

ඒක එක පාර සිද්ධ වුණු දෙයක් නෙමෙයි, මේක හුඟක් දවස් ඉඳලා තිබුණු තත්ත්වයක්. ඇමැතිවරුන්ගේ ඇඟිලි ගැසීම් නිසා පාරිභෝගික අධිකාරියේ කටයුතු අකර්මන්‍ය වෙන සහ අවුල් වෙන තත්ත්වයක් තිබුණෙ. මේ ගැන කතාකරන කොට මම ආණ්ඩුවට, ඇමැතිතුමාට විරුද්ධව කටයුතු කරනවා කියලා කැබිනට් එකට විවිධ දේවල් ගෙනිහින් තිබුණා. මට එක එක පාර්ශ්වවලින් ඉල්ලීම් කළා, ඔ්කෙන් ඉවත් වෙලා ඇමැතිතුමන්ලට කැමැති කෙනෙක් දාගන්න දෙන්න කියලා. ඒ කියන්නෙ බන්දුල සහ ලසන්ත ඇමැතිතුමාලා.
මං කියලා දුන්නා, පාරිභෝගික අධිකාරිය කියන්නෙ නියාමන අධිකාරියක්. ඒකට පැත්තක් නෑ. ඒකට තියෙන්නෙ පනත. පනතෙ හැටියට මං වැරැද්දක් කරලා තියෙනවා නම් කියන්න කියලා. ඇමැතිතුමා කියන විදිහට වැඩ කරන්න නෙමෙයි ඒක තියෙන්නෙ. ඇමැතිතුමාට ඔ්නෙ විදිහට මේකට ඇඟිල්ල ගහන්න බෑ කියලා.
මං ඒගොල්ලොන්ගෙන් ඇහුවෙ අපි ආවෙ ඔය විදිහට වැඩ කරන්නද කියලා. ඔය බෝඩ් එකේ එක විධායක අධ්‍යක්ෂ කෙනෙක්, බැසිල් රාජපක්ෂ ළඟ ඉන්න කෙනෙක්, එයා දවසක් මට කිව්වා අපිව ඇමැතිවරු පත්කරලා තියෙන්නෙ ඒගොල්ලොන්ට අවශ්‍ය වැඩ කරගන්න කියලා. මං කිව්වා, ඇමැතිලගෙ වැඩකරන්න නෙමෙයි අපි පත්කරලා ඉන්නෙ කියලා. මේකෙ එහෙම කරන්න බෑ කියලා. සතොස වගේ ආයනවලට වඩා මේක වෙනස්. ඇමැති නෙමෙයි ජනාධිපතිටවත් මේකට ඇඟිලි ගහන්න බෑ. මට හිටිය නම් අවුරුදු තුනම ඉන්න පුළුවන්. මට හොඳටම ඉන්න පුළුවන්කම තියෙද්දියි මම අයින් වුණේ.
අපි මේ ආණ්ඩුව ගේන්න වැඩ කරපු මිනිස්සු. මටත් පාඩුවෙ ඉන්න තිබුණා. වැරැද්ද කළහම, වැරැද්ද වැරැද්ද විදිහට දකින්නෙ නැත්නම්, ඔතැන ඔය එහෙයියො ටිකත් එක්ක ඉඳලා මගෙ නමත් කැත කරගන්න අවශ්‍ය නෑ කියලා මට හිතුණා. ඒක නිසා මං මේ තීරණය ගත්තා.
ඔය සුදු ළූනු කේස් එක ආවට පස්සෙත් මම කිව්වා, මේකට අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ඔ්නෙ කියලා. ඒක කරන්න ඔ්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියලා. ඇමැතිතුමාලා ගිහින් කියලා තියෙන්නෙ මම එයාලට හොරා කිව්වා කියලා. මම එහෙම එකක් කිව්වෙ නෑ, එතුමා කොහොම හරි ඒක ආරෝපණය කරගෙන.
අපි ආවෙ ඔය පඩිය අරගෙන රස්සාවක් කරන්න නෙමෙයි. ඔය ඉන්න හුඟදෙනෙකුගෙ ජීවිතේ ඔ්ක තමයි. ඔ්කෙන් හම්බෙන ලක්ෂෙයි, වාහනෙයි තමයි ඒගොල්ලොන්ගෙ මුළු ජීවිතේම. ඇමැතිලා හිතන් ඉන්නෙ අපිත් එහෙමයි කියලා. ඒගොල්ලො වටේ ඉන්නෙ ඒ වගේ අය වුණාට, අපි එහෙම නෙමෙයි.

මේ අනාවරණයට අදාළව ඔබෙන් ප්‍රකාශයක් ගැනීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළාද?

නෑ. තාම නෑ. ඔ්වට අදාළ ලිපිගොනු ඔක්කොම මම බාරදීලා තියෙන්නෙ. අද ඊයෙ නෙමෙයි, චමල් ඇමැතිතුමාගෙ කාලෙ ඒවා මං බාරදුන්නෙ.

ඔබට එරෙහිව මතයක් සමාජගත කරන්න හදනවා, ඔබ විපක්ෂයත් එක්ක එකතු වෙලා වගේ කතාවක්. එහෙම එකක් තියෙනවද, ඉදිරියේදි ඔබ විපක්ෂ වේදිකාවෙ දකින්න පුළුවන් වෙයි ද?

මට පක්ෂ නෑ. මට වියත් මග සාමාජිකත්වයවත් නෑ. එතැන මම මාස හයක් විතර වැඩ කළා මගේ සල්ලි වියදම් කරගෙන. මට ඒගොල්ලො සාමාජිකත්වය දීලත් මම ගත්තෙ නෑ. මම පොහොට්ටුවෙ සාමාජිකයෙකුත් නෙමෙයි. මට පක්ෂ – පාට වැඩක් නෑ. මට තියෙන්නෙ එක පක්ෂයයි. මම රටට පක්ෂයි. එච්චරයි. පාට-පාට කණ්නාඩි දාගෙන රට හදන්න බෑ. එහෙම පක්ෂ ඔ්නෙ නම්, බලය තියෙන වෙලාවෙ මම මේක දාලා යනවද.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...