31 C
Colombo
Saturday, July 27, 2024

නුගේගොඩ අනුලා විද්‍යාලයේ සිසුවියන් 6 ක් පාසලෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝග

- Advertisement -

නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2020 වසරේ පළමු ශ්‍රේණිය සදහා ආදි ශිෂ්‍ය පදනම යටතේ සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවන් රැසක් පිළිබදව මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබුණා.

අදාල පැමිණිලි පිළිබදව සිදුකරන ලද පැමිණිලි පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ 2020 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී කූඨ ලේඛණ සකසා දරුවන් 6 දෙනෙකු එම පාසලට ඇතුළත් කර ඇති බවයි.

මෙම කරුණ සම්බන්දයෙන් ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා විසින් විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී ඔහුගේ නිර්දේශය වී ඇත්තේ අදාල සිසුවියන් පාසලෙන් ඉවත් කරන ලෙසයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පාසලේ වර්තමාන විදුහල්පතිනිය වන අනෝමා දහනායක මහත්මිය වෙත ලිපියක් යොමුකරමින් කූඨ ලේඛණ සකසා පාසලට ඇතුළත් කර ඇති දරුවන් 6 දෙනාගේ නම් සදහන් කරමින් ඔවුන් පාසලෙන් ඉවත් කිරීමට දන්වා තිබෙනවා.

එමෙන්ම මෙම කූඨ ලේඛණ සිදුවීම සම්බන්දයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම සදහා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසටද විදුහල්පතිනිය වෙත දන්වා තිබීමද විශේෂත්වයක්.

අදාල සිදුවීම වන අවස්ථාවේදී පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළේ ජයනි ප්‍රිශංගිකා මහත්මියයි.

ඇයට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනා රැසක් හේතුවෙන් ඇය මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මාරුකර යවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...