28 C
Colombo
Saturday, July 27, 2024

සිරකරුවන් වෙනුවෙන් සවුදි අරාබියට ඩොලර් මිලියන හයහමාරක් ගෙවීමට පකිස්තානය සූදානම් වෙයි

- Advertisement -

විවිධ චෝදනා මත සවුදි අරාබියේ සිරගත කොට සිටින තම රටවැසියන් පිරිසක් මුදා ගැනීමට ඩොලර් මිලියන හයහමාරක් හෙවත් පකිස්තාන් රුපියල් බිලියනයක් ගෙවීමට පකිස්තානය සූදානම් වේ.

පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂීක් රෂීඩ් අහමඩ් එරට අගමැති ඉම්රාන් ඛාන් ගෙන් ඉල්ලා ඇත්තේ 2005 වර්ෂයේ සිට සවුදි අරාබියේ බන්ධනාගාරවල රදවා සිටින සිරකරුවන් පිරිසක් මුදා ගැනීම සදහා ගෙවීමට අවශ්‍ය වන මෙම මුදල ලබාදෙන ලෙසයි.

මීනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජවාරම් සම්බන්ධයෙන් මරණීය දඩුවම නියමවී සිටින පුද්ගලයන් ඇතුලු 3000 කට අධික පිරිසක් මේ වනවිට සවුදි අරාබියේ බන්ධනාගාරවල රදවා සිිටින බව සදහන් වේ.

දඩ සහ වන්දි වශයෙන් අදාළ මුදල ගෙවා ඉන් පිරිසක් මෙසේ මුදාගැනීමට නියමිත අතර ඔවුන්ගෙන් 1100 ක පමණ පිරිසක් යළි පකිස්තානයේ බන්ධනාගාරවල රදවා තැබීමට නියමිතය.

කෙසේවෙතත් මෙහිදී මිනීමරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව මරණිය දණ්ඩනය නියමව සිටින පකිස්තාන ජාතිකයන් 30 දෙනෙකු පමණ මෙහිදී මුදා නොහැරෙන බව පකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...