31 C
Colombo
Saturday, July 27, 2024

ලෝක රූ රැජිණ චෙක් රාජ්‍යයට

- Advertisement -

ඉන්දියාවේ මුම්බායි හි පැවැති 71 වැනි ලෝක රූ රුජින තරගයේ කිරුළ ජය ගැනීමට චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ටීනා පිස්කෝවා සමත්ව තිබෙනවා.

මෙවර තරගාවලිය සඳහා ලොවපුරා රටවල් 115ක තරඟකාරියන් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

වසර 28කට පසුව ඉන්දියාව මෙහි සත්කාරකත්වය දරා තිබෙනවා.

23 හැවිරිදි ක්‍රිස්ටීනා සිස්කෝවා නිරූපිකාවක් වන අතර ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටීන බව සඳහන්.

මීට පෙර 2006 වසරේදී ද චෙක් ජනරජය විසින් ලෝක රූ රැජින කිරුළ දිනා තිබෙනවා.

ක්‍රිස්ටීනා පිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසින්.

මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන්ය.

තෙවැනි ස්ථානය දිනුවේ, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගො දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස්.

.වසර 28කට පසු එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත්වීම වි‍ශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...