28 C
Colombo
Saturday, May 25, 2024

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිට රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

- Advertisement -

මොරටුව එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ජුනි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

ඔහු ඊයේ (27) දිනයේ මොරටුවේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනට බාධා කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියට තර්ජනය කරමින් පවසා සිටියේ තමන් නිකුත් කරන ලද ටෝකන්වලට පමණක් කොවිඩ් වැක්සීනය ලබාදෙන ලෙසයි.

එසේ නොවන්නේ නම් අදාළ එන්නත්කරණ වැඩසටහන සිදුකරගෙන යෑමට තමන් ඉඩ ලබා නොදෙන බවට නගරාධිපතිවරයා දිගින් දිගටම තර්ජනය කර සිටියා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ද එම සිදුවීම නරඹමින් පමණක් සිටීමද විශේෂත්වයක්.

ඊයේ පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නගරාධිපතිවරයා පවසා සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවා අනුමත කර අනුගමනය කරන ටෝකන් ක්‍රමය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කාබාසිනියා කල බවයි.


RECENT ARTICLES - SINHALA

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා. මෙසේ...

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව,...

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ...

POPULAR ARTICLES

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...