28 C
Colombo
Saturday, May 4, 2024

චීනයේ නව රැකියා මිලියන 3 ඉක්මවයි

- Advertisement -

වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා  නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ සංඛ්‍යාලේඛනයන්හි මේ බව දැක්වෙනවා.

මෙම වසරේ රට පුරා නගරවල නව රැකියා මිලියන 12 ක් උත්පාදනය කිරීම චීන රජයේ ඉලක්කය වී තිබෙනවා.

ඒ අනුව, පළමු කාර්තුවේදීම අදාළ වැඩසටහන්වලින් හතරෙන් එකක් සම්පූර්ණ කිරීමට හැකි ව තිබීම කැපීපෙනෙන කරුණක්.

පසුගිය මාසයේ චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2% ක් වූ අතර, රැකියා තත්ත්වය ස්ථාවර වී තිබෙනවා.

චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක චෙං ෆෙං මහතා පෙන්වා දුන්නේ, රැකියා ප්‍රවර්ධන යාන්ත්‍රණය වැඩිදියුණු කරමින් වෘත්තීය නිපුණතා පුහුණු ඉහළ නැංවීමට ද පියවර ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...