කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරෙමින් ඇති පසුබිමක කිසිදු සීමාවකින් තොරව ඉස්ලාම් ආගමික වතාවත් සදහා ඒකරාශිවීමට ඉඩලබාදීම සම්බන්ධයෙන් පකිස්තානු රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.
පකිස්තානයේ ඉස්ලාම් වෛද්‍ය සම්මේලනයේ වෛද්‍ය සෂිදුල්ලා ෂා ප්‍රකාශ කර ඇත්තේ මෙය ආණ්ඩුවේ අදූරදර්ශි ක්‍රියාවක් බවයි.
රාමදාන් කාලසීමාවේ කිසිදු පාලනයකින් සහ ආරක්ෂාවකින් තොරව ඉස්ලාම් දේවස්ථානයවලට ජනතාවට එක්රැස්වීම ඉඩදීම පකිස්තානයේ කොරෝනා තත්වය භයානකවීමට සැලසීමක් බව ඔහු පවසා තිබේ.
අවන්හල් සහ පාසල් වසා දමා ඇතත් ආගමික ස්ථාන අනාරක්ෂිතව විවෘත කර ඇති බව පෙන්වා දී ඇති ඔහු සදහන් කරන්නේ මෙය ආණ්ඩුව ආගමික අන්තවාදයට නතුවීමක් බවයි.
මේ වනවිට පකිස්තානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ නවයකට ආසන්න වී ඇති අතර මරණ සංඛ්‍යාව 18,500 ක් පමණ වන බව සදහනන් වේ.
නිල සංඛ්‍යා ලේඛන මෙසේ වුවත් සැබෑ අගයන් මීට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.