27 C
Colombo
Sunday, April 2, 2023

වැඩිම IMF ණය ගත්තේ මහින්දගෙ කාලෙ – ඇමති රමේෂ්

- Advertisement -

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍යය රමේෂ් පතිරණ මහතා පවසනවා.

එම ආයතනයෙන් මුල්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව ආණ්ඩුව විවෘත මනසකින් බලන බවයි සඔහු පවසන්නේ.

රටේ පවතින මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීම ප්‍රතික්ෂේප නොකරන ආණ්ඩුව, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මුල්‍ය අරමුදල වෙත යනු ඇති බවත් පසුගිය වසර 50 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් 29 වතාවක් ණය ලබාගෙන ඇති අතර විශාලම ණය මුදල ලබාගෙන තිබෙන්නේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ බවත් රමේෂ් පතිරණ මහතා සදහන් කරනවා.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අඩපනව තිබූ සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විනිමය ඉහළ යමින් තිබෙන බව පෙන්වා දෙන රමේෂ් පතිරණ මහතා පවසන්නේ විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද ඉහළ යමින් පවතින බවයි. කෙසේ නමුත් රට මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා එම ඩොලර් ප්‍රමාණය කිසිසේතම ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසනවා.

මෙරට අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන සඳහා වැයවන බැවින් මෙම ගැටලුව විසඳා ගැනීම ක්‍රමානුකූලව සිදුකළ යුතු බවද රමේෂ් පතිරණ මහතා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...