25 C
Colombo
Wednesday, September 27, 2023

අධික උණුසුම නිසා බිළිඳුන් සිටින මව්වරුන් අවධානයෙන් කටයුතු කරන්න

- Advertisement -

කාර්මික විප්ලවයෙන් පසු පෘථිවියේ වායු උෂ්ණත්වය ඉහළ යමින් පවතින බව නාසා ආයතනය පවසනවා.

එහි ගොඩාර්ඩ් අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයේ දත්තවලට අනුව පසුගිය වසර නවය පෘථිවියේ උණුසුම්ම වසර කිහිපය බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම වාර්තා නාසා ආයතනය විසින් සකස් කර ඇත්තේ පෘථිවියේ ඌෂ්ණත්වය ක්‍රමානුකූලව මැනීම කළ 1880 වසරේ සිට සටහන්වූ දත්තවලට අනුවයි.

බලශක්තිය ලබාගැනීමට පොසිල ඉන්ධන දහනය, ඇතැම් කෘෂිකාර්මික කටයුතු සදහා වනාන්තර විනාශ කිරීම සහ ගිනි තැබීම වැනි මානව ක්‍රියාකාරකම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී තිබෙන අතරම පෘථිවියේ උෂ්ණත්වය අවම වශයෙන් සෙල්සියස් අංශක 1.1 කින් වැඩිවී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර වරින් වර වැසි ඇද හැලුන ද දිවා කාලයේ පවතින අධික උණුසුම හේතුවෙන් මාස හයට අඩු බිළිඳුන් සිටින මව්වරුන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශකර සිටියේ අධික උණුසුමත් සමඟ දරුවන් විජලනය වීම වළක්වාගැනීම සඳහා මාස 6 ට අඩු දරුවන්ට නිසි පරිදි මව්කිරි ලබාදිය යුතු බවයි.

එමෙන්ම මාස 6 ට වැඩි දරුවන්ට ලු‍ණු ස්වල්පයක් මිශ්‍ර කර දියර වර්ග ලබාදිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...