කොවිඩ් 19 වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ භූමිදාන අයිතිය ඉල්ලා ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය අද (16) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.
පසුගියදා කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියගිය දින 20 ක් වයසැති දරුවාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන් පවසා සිටියේ ” දරු කැකුළා පුළුස්සන විට හිත් හිරිවැටුණෙ නැද්ද මන්දා” යනුවෙනි.
කෙසේ වෙතත්, පොලීසිය මැදිහත් වී සෞඛ්‍ය ගැටලු හේතුවෙන් විරෝධතාවන්ට ඉඩ නොදෙන බව විරෝධතාකරුවන්ට දැනුම් දුන් අතර පසුව කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කළා.


