32 C
Colombo
Friday, March 29, 2024

“මගේ නංගිට ඉංග්‍රීසි අකුරු බෑ” – බිත්තියේ සටහන ගැන ඉෂාලිනිගේ සොයුරා කියයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මියගිය ඉෂාලිනී හට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව ඇයගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේදී පිළිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ඉෂාලිනී ජූඩ් නම් 16 හැවැරිදි දැරිය රැඳි සිටි කාමරය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂා කිරීමේදී “එන් සාවුක්කු කාරනම්” හෙවත් මගේ මරණයට හේතුව ලෙස ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ වැකියක් එම කාමරයේ තිබූ බිත්තියක සඳහන් කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම වැකිය සහිත බිත්තියේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබඳ විශේෂඥයින් මෙම අකුරු ඉෂාලිනී දැරියගේමදැයි යන්න සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉෂාලිනීගේ සොයුරා පවසන්නේ අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු සිය සොයුරියට ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට හැකියාවක් නොතිබූ බවයි.

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...