32 C
Colombo
Sunday, June 4, 2023

මියන්මාරයේ මිලිටරි අධිකරණය මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කරයි

- Advertisement -

මියන්මාරයේ පාලිත මිලිටරි ආණ්ඩුවේ අධිකරණය විසින් යටත් විජිත යුගයේ නීතියක් යටතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කිරීමට කටයුතු කර තිබේ.

මියන්මාරය අතුගා දැමූ මිලිටරි කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා වාර්තා කිරීම සම්බන්ධයෙන් හමුදා අධිකරණය විසින් මාධ්‍යවේදීන් දෙදෙනාට එරෙහිව මෙම තීන්දුව ලබා දී ඇත. බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී හ හඬ (DVB) හි අවුන්ග් කියෙව් (Aung Kyaw) සහ මිසිමා (Mizzima) නිවුස් හි නිදහස් වාර්තාකරුවෙකු වන සැව් සැව් (Zaw Zaw) මෙසේ සිරගත කිරීමට කටයුතු කර ඇති මාධ්‍යවේදීන් දෙදෙනාය.

මින් අවුන්ග් හේලින්ග් යටතේ සිටි ජෙනරාල්වරු පෙබරවාරි 1 වන දින බලය අල්ලා ගත් බව ප්‍රකාශ කිරීම මාධ්‍යවේදීන් දෙදෙනා සිරගත කිරීමට ආසන්නතම හේතුව බව පැවසේ.

අවුන්ග් කියෙව් සජීවී විකාශය අතරතුර අත් අඩංගුවට පත් වූ DVB මාධ්‍ය ආයතනයේ තුන්වෙනි මාධ්‍යවේදියා වේ.

DVB සහ Mizzima ඇතුළු ප්‍රවෘත්ති ආයතන ගණනාවක බලපත්‍ර අවලංගු කරමින් හමුදාව ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින අතර මාධ්‍යවේදීන් සිරගත කිරීම එම මර්දනයේම පැතිකඩකි. මියන්මාරය මේ වන විටත් අන්තර්ජාලයට පිවිසීම සීමා කර ඇති අතර චන්ද්‍රිකා රූපවාහිනිය ද තහනම් කර තිබේ.

පුවත්පත් කලාව සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අපරාධයක් නොවන බවත් DVB සහ Mizzima සහ සියලු ස්වාධීන මියන්මාර මාධ්‍ය ආයතනවලට මියන්මාරයේ නිදහසේ කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවත් අත් අඩංගුවේ සිටින සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් නිදහස් කරන ලෙසටත් මාධ්‍ය ආයතන දිගින් දිගටම බල කිරීම් සිදු කරමින් සිටින බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණයෙන් පසු මාධ්‍යවේදීන් 87 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 51 දෙනෙකු තවමත් රැඳවුම් භාරයේ සිටින බව වාර්තා වෙයි.

එක්සත් ජනපද පුරවැසියන් දෙදෙනෙකු ඇතුළු විදේශීය මාධ්‍යවේදීන් ගණනාවක් ද රඳවාගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...