ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වන විට මියන්මාර වැසියන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර #ProtestSriLanka යන හෑෂ්ටැගය සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
මියන්මාරයේ පැවති රජය ලෝකයේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ පාහේ විරෝධය මැද බලයෙන් පහ කරමින් බලය අල්ලා ගත් එරට හමුදාව විසින් පත් කරන ලද විදේශ ඇමති වුනා මුවාං එල්වින්ට නිල වශයෙන් පිළිගැනීමක් ලබා දෙමින් මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යවන ලද ලිපියක් මෙම විරෝධතාවයන්ට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
2021 අප්‍රියෙල් 1 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති BIMSTEC අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහ විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමකට සහභාගී වන ලෙස අමාත්‍ය ගුණවර්ධන මහතා විසින් එල්වින් වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වේ.
මෑතදී සිදු වූ හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මියන්මාරය මේ වන විට ලොව වටා විවිධ රටවල විරෝධතා රැසකට මුහුණ දී සිටින අතර විවිධ රටවල් මියන්මාරයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමටද සූදානම් බව දැනුම් දී ඇත.
මයිනමාර වැසියන් විසින් හි සමාජ මාධ්‍ය තුල මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනගේ ලිපිය සම්බන්ධයෙන් ඔහුටත් ශ්‍රී ලංකාවටත් ඔවුන්ගේ අප්‍රසාදය පළ කර තිබේ.

ඔවුන්ගෙන් ඇතමෙක් පවස්න්නේ ශ්‍රී ලංකාව විසින් සහය පලකරන්නේ මිලිටරි ත්‍රස්තවාදයට බවයි.
එවැනි සටහන් කිහිපයක් පහතින්..
#Myanmarcoup has not yet succeeded – PEOPLE POWER can still reverse it. It's important foreign govts do not give legitimacy to military rule
— Dr Ronan Lee ☘️🐨 (@Ronan_Lee) March 10, 2021
Sri Lanka invites Myanmar junta rep to meeting, denies endorsing coup https://t.co/ZXcOVG8DYY #WhatsHappeningInMyanmar#ProtestSriLanka
Sri Lanka is trying to deal with representative of illegal military terrorist group while the people of Myanmar are sufferring from the consequences of brutal oppression by the military junta. Very disappointing message given by Sri Lanka!#protestbimstec #ProtestSriLanka pic.twitter.com/BQ7v36N9qo
— Ye Kyaw (@YeKyaw007) March 10, 2021
We strongly oppose it…..
— UKwunna (@KwunnaU) March 10, 2021
It was a stabbing in the back of Sri Lanka and BIMSTEC.Wunna Maung Lwin is invited as H.E, Minister to attend the BIMSTEC meeting. This is an official invitation.Even an organization like Asean refuses to recognize it. #Mar10Coup #ProtestSriLanka pic.twitter.com/aizLP28lE9
Shame on you Sri Lanka.
— Khine Lin Thet (@KhineLinThet1) March 10, 2021
Recognising the terrorists means you are also the terrorists.
Working with Myanmar military means you have blood your hands. #WhatsHappeninglnMyanmar #ProtestBIMSTEC#ProtestSriLanka pic.twitter.com/drzpE7nuLY