31 C
Colombo
Saturday, June 10, 2023

එළවළු හා පළතුරු මිල පාලනයට නාමල්ගෙන් උපදෙස්

- Advertisement -

ඇතැම් වෙළඳුන් සිය හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, එම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින පස්වරුවේදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය අරලියගහ මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය අතරතුරදී මහජන අවධානය සෘජුව සන්නිවේදනය වන පරිදි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල හා පෑලියගොඩ මැනිං වෙළඳපොළේ තොග හා සිල්ලර මිල විකාශනය කිරීමට පියවර ගැනීමට මෙහි දී යෝජනා වී ඇත.

ඊට අමතරව, ජනතාව වෙත යන සියලුම ජංගම අලෙවි රථ සහ ජංගම අලෙවිසැල්වල, එළවළු හා පළතුරු වර්ගය හා මිල වෙන් වෙන්ව සඳහන් කර මිල ප්‍රදර්ශනය කිරීම සඳහා උපදෙස් දීමටත්, සමූපකාර හා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන පරිදි එළවළු මලු සකස්කර බෙදා හැරීමටත් තීරණය කළ බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එළවළු, පළතුරු සහ සහල් මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි සහ වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා මෙම හමුවේ දී පවතින වෙළඳපොළ තත්ත්වය පිළිබඳ විශ්ලේෂණාත්මකව කරුණු පැහැදිලි කර තිබේ.

ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුම මත මිල ගණන් තීරණය වන බවත් ඉදිරියේ දී දැනට පවතින මිල ගණන් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කර බවත් ඔහු පෙන්වා දී ඇත.

“කොවිඩ් තත්ත්වය සමඟ මේ දිනවල එළවළු සහ පලතුරු අධික මිල ගණන් යටතේ අලෙවි වනවා. කිසිකෙනෙකු නියාමනය කරන්නේ නැහැ. අත්තනෝමතික ලෙස මිල ගණන් ඉහළ යනවා. පාරිභෝගිකයා අතට පත්වන එළවළු සහ පලතුරුවල මිල අසාමාන්‍ය ලෙස වැඩිවී තිබෙනවා. ගොවියාට සහ පාරිභෝගිකයාට යන දෙපිරිසටම සහන සැලසෙන පරිදි මේවායේ මිල ගණන් ඉහළ යාම පාලනය කරගැනීමට විකල්ප සෙවිය යුතුයි.

සෑම වසරකම යම් කිසි කාල සීමාවක් තුළ එළවළු පලතුරු කිහිපයක මිල නොවෙනස්ව වැඩිවනවා නම් ඒ සඳහා ගතහැකි දිගුකාලීන පියවරක් ලෙස වෙළඳපොළ ඉලක්ක කර ඒ සඳහා විකල්ප නිෂ්පාදන සකස් කොට ඒවායේ මිල ගණන් අඩු කිරිමට ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍යයයි. ඉදිරි සති දෙකක කාලසීමාව ඇතුළත අධික මිල ගණන් යටතේ අලෙවි වන එළවළු සහ පලතුරුවල මිල පාලනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න” යැයි අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තබේ.

එළවළු, පලතුරු සඳහා වෙළඳ පොළ ඉල්ලුමක් තිබෙන සෑම නගරයකම පාහේ ගොවියාට තම නිෂ්පාදන විකුණාගත හැකි වන පරිදි කුඩා වෙළඳ මධ්‍යස්ථාන (outlet) ඇති කිරිමට ද මෙහි දී යෝජනා වී ඇත.

අතරමැදියන් නොමැතිව ගොවියාට තම නිෂ්පාදන එහි දී අලෙවිකරගත හැකි අතර පාරිභෝගිකයන්ට ද නැවුම් එළවළු පලතුරු ලබාගත හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. මේ සඳහා ගත හැකි කෙටි කාලීන පියවරක් ලෙස මාධ්‍ය හරහා නිරන්තරයෙන් පවතින තොග මිල පිළිබඳ ජනතාව දැනුවත් කිරිමට යෝජනා වී ඇති අතර මිල ගණන් සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා සමාජ මාධ්‍ය ජාලා තුළ අවස්ථාව ලබාදී දෛනිකව සඳහන් කරන මිල ගණන් ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ගේ බලපත්‍ර පිළිබඳව නිසි පියවර ගැනීම පාරිභෝගික අධිකාරියට බලය පැවරීමට අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇති බව දැක්වෙයි.

වී මිලදී ගැනීමේ දී ලබාදෙන ප්ලෙජ් (Pledge Loan) ණය පහසුකම, මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන්ට ලබාදීම සඳහා පියවර ගැනීම සහ බිත්තර හා කුකුළු මස් තොග වෙළඳසැල් ආර්ථික මධ්‍යස්ථාන විවෘත වන දිනවලදී විවෘතකර තැබීමට අවසර දීමට ද එහදී එකඟතාවකට පැමිණ ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්වරු සහ වෙළඳ, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය සමග කටයුතු කරන අමාත්‍යංශවල ලේකම්වරු,නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වී තිබේ.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...