විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය තමා කිසිසේත්ම අනුමත නොකරන බව ක්‍රීඩා සහ තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (09) දින කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ උද්ඝෝෂකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළේ නම් ඊට එකඟ නොවන සේම පොලිසිය උද්ඝෝෂකයන්ට එරෙහිව කටයුතු කළ ආකාරයත් අනුමත නොකරන බවයි.
උද්ඝෝෂණය කිරීම ජනතා අයිතියක් බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
එසේම. තමන් සිය පියා වන මහින්ද රාජපක්ෂ පාලන යුගයේද පොලිස් ක්‍රියාකාරකම් විවේචනය කළ බවද ඔහු සිහිපත් කර සිටියා.
කෙසේ වෙතත් මහජන ඒකරාශීවීම් තහනම් කර ඇති බැවින්, එවැනි ක්‍රියාවල නිරත වන්නන් ඉදිරියේදීද අත්අඩංගුවට ගන්නා බවට ඊයේ (09) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියා. ඒ, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින්.
කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමඟ සිදුවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කිරීම් සම්බන්ධයෙන් එම නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි විවේචන එල්ල විය.



