29 C
Colombo
Saturday, July 27, 2024

රගර් ගහද්දි දුවනවටත් වඩා වේගයෙන් නාමල් ක්‍රීඩා ඇමති විදියට දුවනවා – අගමැති

- Advertisement -

” මට පේනවා දැන් නම් නාමල් රගර් පිට්ටනියේ දුවනවාට වඩා වැඩි වේගයෙන් ක්‍රීඩා ඇමැතිකම අරගෙන දුවන බව. ඇමැතිතුමාට ඒ ජවය ලැබිලා තියෙන්නේ, වැඩ කිරීමට වුවමනා ශක්තිය ලැබිලා තියෙන්නේ එයත් පාසල් කාලයේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවේ යෙදුන නිසා කියලයි මම විශ්වාස කරන්නෙ. මේ රටේ සියලු දෙනා ඒ විදියට ක්‍රීඩාව දිහා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබේ අවධානය රටේත් ජාතියේත් අවධානය යොමු කරවන්න ඕන.”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කළ ජවසම්පන්න පරපුරක් උදෙසා ‘ගමට පිටියක්’ ජාතික වැඩසටහන යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332 ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙම උත්සවය අද (02) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා සඳහන් කළේ අතීතයේදී රටේ ඕනෑම තැනක බොහෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව තරුණයන්ට හා ළමුන්ට හිමිව තිබූ බවයි. කෙසේ නමුත් එවැනි නිදහස් ඉඩකඩ ක්‍රමයෙන් සීමා වෙමින් තිබෙන බවත්, ඒ නිසා තරුණ තරුණියන්ට ළමුන්ට ක්‍රීඩා කිරීමට තිබෙන අවස්ථාව සීමා වී ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා. මෙම තත්වය තේරුම් ගත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ග්‍රාමීය ක්‍රීඩාංගන විශාල ප්‍රමාණයක් එකවර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට අතගසා ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

“තරුණ පරපුරටත් ළමා පරපුරටත් අද එල්ල කරන චෝදනා බොහොමයක් තියෙනවා. දෙමව්පියෝ කියනවා තරුණ පරපුරට ඉවසීමක් නෑ, කලබලකාරී බවෙන් යුක්තයි කියලා. ඒ වගේ ම දෙමව්පියෝ කියනවා තරුණයෝ පටු ආත්මාර්ථකාමී, සාමූහික හැඟීමකින් තොරව ජීවත්වෙන පිරිසක් කියලා. ඒ වගේම ෆෝන් එකටම ලැප්ටොප් එකටම තරුණයෝ ඇබ්බැහි වෙලා ඒගොල්ලෝ සංවේදී නැහැ කියලා තවත් පිරිසක් කියනවා. මෙහෙම චෝදනා කරනවා මිසක් ඒකට හේතු හොයලා බලන්න අපි පුරුදුවෙලා නැහැ.

එදා මේ රටේ හැමතැන ම එකම ක්‍රීඩා පිට්ටනියක් වගේ තිබුණේ. වතුපිටි විශාලයි. ගම්වල ඕනෑ ම වත්තක ඕනෑ ම ක්‍රීඩාවක් කරන්න පුළුවන් තරම් ඉඩකඩක් තිබුණා. නමුත් දැන් අපි පාරේ යනකොට පේනවා බොහෝ නගරවල වගේ ම ගම්බදවත් ඉඩකඩම් ඉතා ම කුඩා වේගෙන යනවා. ඒ වගේ ම අද වාහන පාකින් එකක් හදන්න තියෙන උනන්දුව දරුවන්ට ක්‍රීඩාපිටියක් හදන්න ඇත්තේ නැති බව ඔබ පිළිගන්නවා ඇති.

මේ රටේ දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩක් තියෙනවද කියන කාරණය ඒ නිසා අලුතෙන් ම අපි හිතා බලන්න ඕනේ. මේ තත්ත්වයෙන් රට මුදාගන්න, අපේ ජාතිය බේරාගන්න තබන හොඳ ම පියවරක් තමයි අද මේ අපි තබන්නේ කියලයි මම විශ්වාස කරන්නෙ.

පාසලක් විවෘත කළාම බන්ධනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒ වගේ ම තමයි පිට්ටනියක්, ක්‍රීඩාංගණයක් දියුණු කළා ම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව මට හිතනෙවා. අද අපේ රටේ පුරවැසියන්ගේ ආයු කාලය වයස අසූව ඉක්මවලා තියෙනවා. එහෙම දීර්ඝායුෂ වින්දත් රෝගියෙක් හැටියට නම් ජීවත්වෙන්න සිදුවන්නේ ඒකෙන් ඇති වැඩක් තියෙනවා ද? වැඩක් නැහැ. අද ලෝකෙ ම හොඳ ජීවිතයක්, නිරෝගීමත් ජීවිතයක් ගතකිරීම ගැන හිතන කාලයක්. ඒකට තමයි එක පැත්තකින් ක්‍රීඩාව තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නෙ.

අද අපේ සමහර දෙමව්පියෝ හිතනවා, ක්‍රීඩාව කියන්නේ කාලය නාස්ති කිරීමක් කියලා. නමුත් ක්‍රීඩාවට අද තියෙන්නේ ඉතා ම හොඳ ඉල්ලුමක්. අද ක්‍රීඩාව කියන්නේ එක පැත්තකින් වෙළෙඳපොළක් තියෙන වෘත්තීය භාවයක් තියෙන විෂයක් බවට පත්වෙලා ඉවරයි. අද අපේ රටේ ක්‍රීඩා පාසැල් ගණන 30ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අනාගතයේ මේ තත්ත්වය තව තවත් ඉහළ යවන්න ඕනි. අපි රටක් හැටියට හොඳ ක්‍රීඩකයො බිහිකරන්න ඕන.

අද රටේ තියෙන්නේ ක්‍රීඩා නැරඹීමක් මිසක් ක්‍රීඩාවේ යෙදීමක් නෙමෙයි. නරඹන්නත් ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අය ක්‍රීඩාවේ යෙදෙනවා නම් තමයි හොඳ. එහෙම පරපුරකට තමයි අනාගතයේ සාර්ථක නීරෝගීමත් ජීවිතයක් ගතකරන්න පුළුවන්කම තියෙන්නේ. ජය පරාජය භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නෙ.

මීට සතියකට පමණ කලින් තමුන්නාන්සේලාට මතක ඇති අපේ ලංකාවට ආවා පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා. එතුමා කිව්වා, එතුමා දේශපාලනයට ඇවිල්ලා තනියම පක්ෂයක් හදාගෙන වැඩ කරලා වසර ගණනාවක් පරාජය වෙමින් ඒ සියල්ලම දරාගෙන හිටියා කියලා. ඒ කාලේ එතුමාට බොහෝ දෙනෙක් හිනා වුණාලු. නමුත් එතුමා ඉවසීමෙන් කටයුතු කරලා අවසානයේ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගත්තා. ඉම්රාන් ඛාන් මැතිතුමා මට කිව්වා, එතුමාට පිට්ටනියෙ දි ලැබිච්ච අත්දැකීම තමයි ඒ වගේ ගමනක් එන්න බලපෑවේ කියලා.

අපිටත් එහෙමයි. අපි ජීවිතයේ පරාජයට මුහුණපෑ අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා. ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේ ම පරාජයත් පුරුදු වෙච්ච නිසා.

යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරන කොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්වය ලැබුණේ ක්‍රීඩාවෙන් බව මම කියන්න ඕනෑ. ඒ නිසා අද අපි සියලු ම ආකාරයේ පිට්ටනි දිහා අලුත් ඇහැකින් බලන බව තමුන්නාන්සේලාට පේනවා ඇති. අද ඉඳන් අපි මේ රටේ තියෙන පාසැල් පිට්ටනි වැඩිදියුණු කරනවා. ඒ වගේ ම මහජන ක්‍රීඩාපිටි වැඩිදියුණු කරනවා. ඒ විතරක් නෙමෙයි ගම්වල අලුතෙන් කුඩා ක්‍රීඩාංගණ ඉදිකරන්න අවශ්‍ය සියලු ම පහසුකම් ලබාදෙන්න කටයුතු කරනවා.

මෙහෙම කරන්නේ හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි, නිරෝගී පරමායුෂ ඇති පිරිසක් මේ රටට බිහි කරන්න ඕනි හින්දා. ඉවසීමෙන් සංයමයෙන් යුතු ආත්මාර්ථකාමීත්වයෙන් තොර සාමූහික හැඟීමෙන් යුතු පරපුරක් මේ රටේ බිහි කරන්න ඕනි. ඒ සඳහා තමයි අපි මේ කටයුත්ත ඉටුකරන්නෙ. පරිගණකයට, ටෙලිෆෝනයට ඇබ්බැහි වුණ යාන්ත්‍රික බවෙන් අපේ ජාතිය මුදාගන්න ඕන.

මම අපේ රටේ දෙමව්පියන්ට කියන්න ඕනේ අද මේ රටේ ක්‍රීඩා ඇමැති හොඳ ක්‍රීඩයෙක්. මම ඇමැති වුණත් විපක්ෂ නායක වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් නාමල් සෙල්ලම් කරන කොට පිට්ටනියට බලන්න ගියා. මම හිතන්නෙ පොඩි කාලෙ ඉඳන් හැම මැච් එකට ම මම ගියා. වයස 6-9 වෙනකොට පටන් ගත්තෙ. ඒ හැමදා ම මම ගිහිල්ලා තියෙනවා. මොකද පිට්ටනියෙ දි ලැබෙන අත්දැකීම ජීවිතය සාර්ථක කරගන්න ඉතා ම වැදගත් වෙන නිසා. මට පේනවා දැන් නම් නාමල් රගර් පිට්ටනියේ දුවනවාට වඩා වැඩි වේගයෙන් ක්‍රීඩා ඇමැතිකම අරගෙන දුවන බව. ඇමැතිතුමාට ඒ ජවය ලැබිලා තියෙන්නේ, වැඩ කිරීමට වුවමනා ශක්තිය ලැබිලා තියෙන්නේ එයත් පාසල් කාලයේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවේ යෙදුන නිසා කියලයි මම විශ්වාස කරන්නෙ.

මේ රටේ සියලු දෙනා ඒ විදියට ක්‍රීඩාව දිහා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබේ අවධානය රටේත් ජාතියේත් අවධානය යොමු කරවන්න ඕන.

ඔබ සැමට නීරෝගීමත් සුබ අනාගතයක්.”

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...