29 C
Colombo
Wednesday, June 7, 2023

මගේ ජපන් ටිකට් එක අරන් දුන්නෙත් රොෂාන් රණසිංහ – නාමල්

- Advertisement -

කවර ක්‍රීඩකයෙකු වුවද ක්‍රීඩාවට අදාළ විනය සහ ආචාර ධර්ම අනුගමනය කළ යුතු වන අතර ඔලිම්පික් ක්‍රීඩා නිල ඇඳුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය ද අවධානයට යොමු කළ යුතු බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය .
එසේම , ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් ද වයිල්ඩ් කාර්ඩ් (wildcard) වටයෙන් තෝරාගන්නා ලද ක්‍රීඩකයින් සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ද ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද ලබා දුන් බව ද ඔවුන් සියලු දෙනා සඳහා වෙනත් පහසුකම් ද ඇතුළත්ව දෛනිකව ඩොලර් හතළිහක මුදලක් ලබාදුන් බවද මෙයාකාරයෙන්ම පැරාඔලිම්පික් කණ්ඩායමට ද පහසුකම් හා වරප්‍රසාද සැපයෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය .
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාතික ධජය සහිතව නිල ඇඳුම් සැපයීම සම්පූර්ණයෙන්ම ඔලිම්පික් කමිටුවට අදාළ කර්තව්‍යයක් වුවද එය නිසි පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් තමා මේ වන විට එම කමිටුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි . කෙසේ වුවත් සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය සුපුරුදු ඇඳුමෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගි වීමට වීමට කැමැත්ත දක්වා ඉල්ලීමක් කර ඇති බව ද මෙහිදී අනාවරණය කළ අමාත්‍යවරයා සමහර මලල ක්‍රීඩිකාවන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වී ඇත්තේ සිය ක්‍රීඩා සපත්තු යුගලය ලංකාවේ අමතක කරදමා පැමිණ තිබෙන බවද මෙහිදී අනාවරණය කළේය . ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය වනුයේ මේ නිසා බව පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමහර ක්‍රීඩකයින්ට ඔලිම්පික් යනු හුදෙක් චාරිකාවක් පමණක් නිසා ඔවුන්ට තමන් ජාතික මට්ටමේ දී අත්පත් කර ගන්නා පරිසාධන මට්ටම හෝ අත්පත් කර ගත නොහැකි බව ද පෙන්වා දුන්නේ ය .

දැනට ඔලිම්පික් ජාතික කණ්ඩායමේ සිටින්නේ , ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් තිදෙනෙක් පමණක් වන අතර කෙසේ වෙතත් ඔලිම්පික් පදක්කමක් යනු අවුරුදු දහයක් හෝ පහළොවක් පමණ කැප කිරීමෙන් අනතුරුව රටක් විසින් සැබෑ කරගත යුතු සිහිනයක් බවද සඳහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයා එය කෙටිකාලීනව අත්පත් කරගත හැකි ජයග්‍රහණයක් නොවන බව පෙන්වා දුන්නේ ය .ඒ සඳහා මේ වන විට ඉදිරියේදී මෙරටට සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගත හැකි ක්‍රීඩා ක්ෂේත්‍ර හඳුනාගනිමින් , එම ක්‍රීඩකයන් දැනට විදේශගතව පුහුණුව ලබන බව ද පාර්ලිමේන්තුවට දන්වා සිටියේය .

එමෙන්ම , පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය පිලිබඳව විමසූ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් සින්තටික් ධාවන පථයක් පැවතියේ සුගතදාස ක්‍රීඩාංගණයට හා ඩයගම ක්‍රීඩාංගණයට පමණක් නමුත් මේ වන විට ටොරින්ටන් ක්‍රීඩාංගණය සින්තටික් මංතීරු හයක ක්‍රීඩාංගණයක් ද කුරුණෑගල මංතීරු හයක තවත් ක්‍රීඩාංගණයක් ද සංවර්ධනය කෙරෙමින් පවතින බව සදහන් කළ හෙතෙම පෙන්වා දුන්නේ ලංකාව දැනට මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය යටිතල පහසුකම් නොව සුදුසු පුහුණුකරුවන් සොයා ගැනීම බවයි . සින්තටික් මංතීරු හයකින් සමන්විත කුරුණෑගල ක්‍රීඩාංගණය මේ මස අවසානයේදී ඊට පුරෝගාමී වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ද සහභාගිත්වයෙන් යුතුව විවෘත කිරීමට තමුන් කටයුතු යොදා ඇති බව මෙහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය .

මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආචාර ධර්ම ද ඇතුළත්ව ක්‍රීඩා සංගම් නියාමනය කිරීම සඳහා නව පනතක් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ජයග්‍රහණ වලට එළඹීම සඳහා අවශ්‍ය ආයෝජන වලට සිය රජය සූදානම් බව ද අවධාරණය කළේය .
ජපානයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නිල වශයෙන් සහභාගි වූයේ තමා සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා පමණක් බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා , සෙසු අමාත්‍යවරුන් සිය අමාත්‍යංශ වල රාජකාරින්හි නියැළුණු බවද ඒ සම්බන්ධව විමසීමක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට පෙන්වා දුන්නේය .කොවිඩ් 19 වසංගත තත්ත්වයේ සීමා නිසා තානාපති කාර්යාලය බොහෝ අවස්ථාවන්හි ඔවුන් සියලුදෙනාගේ පොදු රාජකාරි ස්ථානය බවට පත්කරගත් බවද සඳහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පින් උළෙලට සහභාගී වීම සඳහා සිය ගුවන් ටිකට් පත පවා මිලට ගැනීමට කටයුතු කළේ වසර විසිපහක් තිස්සේ ජපානයෙහි සිය වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බව ද සඳහන් කළේය .
විපක්ෂයට ගැටලුවක් වී ඇත්තේ තමුන් රජයේ මුදල් වියදම් කිරීම කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් මේ සංචාරයෙහි නිරත වීම නම් වෙනත් මුල් අවස්ථාවන්හිදී නැගුන් ගැටලුව වූයේ රජයේ මුදලින් මෙබඳු චාරිකාවන් හි නිරත වීම බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය .

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...