32 C
Colombo
Friday, April 19, 2024

කුරුදුවත්ත රිය අනතුර පොලිස් ලොක්කෙකුගේ දුවෙක්ගෙ වැඩක්

- Advertisement -

කොළඹ නොළුම් පොකුණ ආසන්නයේ නන්දා මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට ටොයෝටා Toyota Land Cruiser V8 වර්ගයේ රථයක් කඩාවැදී අනතුරක් සිදුකර තිබෙනවා. අදාල අනතුරෙන් වාහන ප්‍රදර්ශනාගාරයේ තිබූ වාහන කිහිපයකට දැඩිලෙස අලාභහානි සිදුව ඇති අතර අනතුර සිදුකල V8 රථයටද හානි සිදුව තිබෙනවා. මෙම රථය තරුණියක් විසින් ධාවනය කර තිබෙනවා. අධික වේගයෙන් පැමිණි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවටත්, ඇයට රියදුරු බලපත්‍රයක් හෝ නොමැති බවටත් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්දයෙන් අපූරු තොරතුරු රැසක් වාර්තා වනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් මෙම අනතුර සම්බන්දයෙන් වූ සිදුවීම් වසන් කරන්නට උත්සහ කල බවට යම් යම් කරුණු වාර්තාවනවා. ඒ මෙම තරුණියගේ පියා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක බවට දැනගත් පසුවයි. අනතුර සිදුවූ අවස්ථාවේදී පොලීසිය බලා සිටියදී V8 රථයේ අංක තහඩුවද මෙලෙස ගලවා ඉවත්කර තිබෙනවා.

මෙම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා වන නවිදු උමේෂ් රත්නායක 2019 වසරේ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයකින් අනතුරට ලක්කර පළාගොස් තිබුණා.

පසුව සති කිහිපයක් රෝහල්ගත කර සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...