25 C
Colombo
Wednesday, September 27, 2023

නාකොටික් සිද්ධිය : මියගිය සමන්ගේ ශරීරයේ තැලීම් 49ක්

- Advertisement -

හික්කඩුව, තෙල්වත්ත පදිංචිව සිටි ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ 41 හැවිරිදි අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාර නැමති අය පසුගිය ජනවාරි 10 දින සවස තුනට පමණ පොලිස් මත්‍ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන් කණ්ඩායමක් විසින් නාරාහේන්පිට දී අත්අඩංගුවට ගෙන තිබුණා.

සිය සැමියාගේ කාර්යාලයයෙන් ඔහුව ‘සුදුවෑන් රථයකින් රැගෙන ගියා’ යි තමන්ට පණිවුඩයක් ලැබුණු බව ශිරානි දිල්රුක්ෂිකා වන සමන්ගේ බිරිඳ පවසනවා.

එදින රාත්‍රී 7.30ට පමණ සමන් එම නිලධාරීන් විසින් කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කිරීමට උත්සහගෙන තිබූ අතර, ඊට පෙර බාහිර රෝගී අංශය තුළ ඔහු මියගොස් සිට තිබුණා.

“මගේ මහත්තයා රජයේ සේවකයෙක්. එයා කුඩුකාරයෙක් නෙවෙයි. එයා වැරදිකාරයෙක් නොවෙයි කියලා අපි දන්නවා. ඒ නිසයි අපි එයාව නිර්දෝෂීයි කියලා පෙන්වන්න මේ තරම් දුර ආවේ” යි අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාරගේ බිරිඳ පවසනවා.

පසුගිය ජුනි 06 මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ පිළිබඳව කැඳවූ නඩුවේ දී මෙම මරණය පහරදීම නිසා සිදු වූ මරණයක් බවට ප්‍රකාශ වූ අතර, ඒ අනුව එයට වගකිවයුතු සියලුදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ නියෝග කළා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ මරණ පරීක්ෂණ නියෝගයේ දැක්වෙන්නේ, සමන් ප්‍රීති කුමාරගේ ශරීරය පුරාම තිබූ තුවාල විශාල ප්‍රමාණයක් මහේස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ ස්ථානය ලෙස හඳුනාගත් නෙළුම් කුළුණ ඉදිරිපිට ඩී.ආර්. විජේවර්ධන පොලිස් භට නිවාස සංකීර්ණයේ අඩක් නිමකර අත්හැර දැමූ පාලු ගොඩනැගිල්ලක් පෙන්වූ බවත්, එහි තිබූ බිඳී ගිය වීදුරු බෝතලයක සහ ලී මිටක SOCO නිලධාරීන් සැක කටයුතු භාණ්ඩ ලෙස නම් කර අංක යොදා තිබුණ ද ඒවායේ කිසිඳු ඇඟිලි සලකුණක් නොතිබූබවත්, එම ස්ථානයේ පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි ලේ පැල්ලම් නොතිබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා.

“සත්‍ය අපරාධ ස්ථානය නිරීක්ෂණයට මරණ පරීක්ෂක සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ මා වෙත අවස්ථාව ලැබුණේදැ යි සැකයක් ජනිත වූ” බවත්, පසුව විමසීමේ දී මරණකරු අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව සැකසූ බී වාර්තාව ගොනු කරන විට අනාවරණය කරගෙන තිබූ අපරාධ ස්ථානය එය බවට තමාට දැනගන්නට ලැබුණු බවත් මහේස්ත්‍රාත්වරියගේ වාර්තාවේ දැක්වෙනවා.

සමන් ප්‍රීති කුමාර අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව රුපියල් 105,000ක මුදලක් තිබී ඇත. එම මුදල් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මුදල්යැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැක කර තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරමින්.

මෙම මරණය සම්බන්ධයෙන් ජනවාරි 11 වන දින සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ තුවාල, තැලීම් සහ හානි 49ක් ඇති බවයි. මරණයට හේතු ලෙස සඳහන් ව ඇත්තේ මොට ආයුධවලින් පහරදීමෙන් ඇති වූ හිස පිටුපස තුවාලය ඇතුළු අනෙකුත් හානි. ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් භාවිත කර සිට නොමැති බව ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව ම දැක්වෙනවා.

මෙම නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින සිරකරු අයිතිවාසිකම් කමිටුවේ කැඳවුම්කරු, නීතිඥ සේනක පෙරේරා පවසන්නේ මෙම සමන් ප්‍රීති කුමාර නිර්දෝෂී අයෙකු බව යි.

පසුගිය ජුනි 06 දින මෙම අපරාධයට වගකිවයුතු සියලුදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා. ඉන් දින 03කට පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 7 දෙනෙකු අද අත්අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...