සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව ජාජබ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ පැලවත්ත කාර්යාලයේදී ඊයේ (02) පැවති මාධ්‍ය හමුවේදී හඳුන්නෙත්ති මහතා මේ බව පවසා තිබෙනවා.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කීපදෙනෙක් ආරාධනා කර තිබූ බව පැවසු සුනිල් හඳුන්නෙත්ති මහතා එම ආරාධනාව සතුටින් පිළිගන්නා බවද සඳහන් කළා.
එම විවාදය වඩා ප්‍රතිඵලදායක වන්නට නම් මාධ්‍යවල කියවන්නේ නැතිව ලිඛිතව ආරාධනාවක් කරන්නැයි ඉල්ලා සිටින බවද හඳුන්නෙත්ති මහතා පවසා තිබෙනවා.
ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ,එරාන්,කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසා තිබුණා.