28.3 C
Colombo
Tuesday, May 13, 2025

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

- Advertisement -

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා.

අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වෙසක් සතියේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, වෙසක් සමයේ අනවශ්‍ය සැණකෙළි ආදිය පැවැත්වීමෙන් වළකින ලෙසයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

POPULAR ARTICLES

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී 6ක් රෝහලේ

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන්...