25 C
Colombo
Sunday, May 19, 2024

උයිගුර් ශ්‍රම සූරාකෑමට ඇමෙරිකාව වැට බඳී

- Advertisement -

චීනයේ උයිගුර් ජනයාගේ බලහත්කාර ශ්‍රමය උපයෝගී කරගනිමින් “සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන්” සාදන ලද ඩොලර් මිලියන 500 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමරිකානු වරායන්ට ඇතුළු කරවීම එක්සත් ජනපද රේගුව විසින් අවහිර කර තිබේ.

චීනයේ ඈත බටහිර ප්‍රදේශය වන ෂින්ජියැන්ග්හි වැඩි වශයෙන් වාසය කරන මුස්ලිම් උයිගුර්වරුන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් ලබාගනිමි නිෂ්පාදන සහ සැපයුම් දාමයන් ක්‍රියාත්මක කෙරෙන සමාගම්වලට බටහිර ආණ්ඩු විසින් සීමා පැනවීමට සමගාමිව මෙම පියවර ගෙන ඇත.

පසුගිය වසර පුරා බලහත්කාර ශ්‍රමය හේතුවෙන් ඩොලර් මිලියන 816 ක් වටිනා නැව්ගත කිරීම් 3,605 ක් මෙලෙස එක්සත් ජනපදය අවහිර කර තිබේ.

කෙසේවෙතත්, මේ වසරේ අවහිර කරන ලද නැව්ගත කිරීම් වල වටිනාකම දැනටමත් පසුගිය වසරේ අගයෙන් තුනෙන් දෙකකට ළඟා වී ඇති බව රේගු සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මෙම තහනම හේතුවෙන් ඇතැම් ඇමෙරිකානු සමාගම්වලට උයිගර් ස්වයං පාලන කලාපයෙන්, චීනයේ අනෙකුත් ප්‍රදේශවලට සහ වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තය වැනි අනෙකුත් රටවලට සිය මෙහෙයුම් ගෙන යාමට සිදුවී තිබේ.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...