25 C
Colombo
Sunday, May 19, 2024

චීන ජනපතිට ඉන්දියාවට එන්නැයි ආරාධනා

- Advertisement -

ෂැංහයි සහෝයීගතා සමුළුව සඳහා ඉන්දියාව චීන ජනාධිපති ෂී ජිංපින් වෙත නිල ආරාධනයක් යවා ඇති බව චීනය තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, සමුලුව සඳහා චීන ජනාධිපතිවරයා පැමිණෙන්නේද යන්න පිළිබඳ මෙතක් තීරණය කර නොමැත.

G20 සමුළුවට මාස 02 කට පෙර, මෙම වසරේ ජූලි මස පළමු සතියේදී ෂැංහයි සහයෝගීතා සමුලුව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහිදී ඉන්දියාව පසුගිය වසරේ බාලි ප්‍රකාශය මෙන් ඒකාබද්ධ ප්‍රකාශයක ස්වරූපයෙන් යුක්රේන ප්‍රශ්නය පිළිබඳ සම්මුතියක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව පැවැසේ.

සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන G 20 සමුළුව සඳහා චීන ජනාධිපතිවරයාට නිල ආරාධනයක් ලැබී ඇති බව ද චීනය තහවුරු කර තිබේ.

ඉන්දියාව දැනට G20 සහ ෂැංහයි සහෝයීගතා සමුළුව යන සංවිධාන දෙකෙහිම සභාපතිත්වය දරයි.

G20 සමුළුව සැප්තැම්බර් 9-10 දිනවල පැවැත්වෙන අතර ෂැංහයි සහෝයීගතා සමුළුව පැවැත්වෙන දිනය පිළිබඳව තවමත් තහවුරු කිරීමක් නොමැත.

2020 අප්‍රේල්-මැයි මාසවල නැඟෙනහිර ලඩාක් හි දේශසීමාවේ හටගත් ගැටුමෙන් පසු මෝදි සහ ෂී විධිමත් ද්විපාර්ශ්වික හමුවක් පවත්වා නැත.

G20 සමුළුවට සමගාමීව ඔවුන් පසුගිය වසරේ බාලි හි දී අතට අත දී සතුටු සාමීචි හුවමාරු කර ගත් නමුත් විධිමත් සාකච්ඡාවක් සිදු නොවිණි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...