28 C
Colombo
Saturday, July 27, 2024

බී.ජේ.පී කතාවට නේපාල විරෝධය

- Advertisement -

භාරතීය ජනතා පක්ෂය තම රටේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවට ඉන්දීය නිවාස ඇමැතිවරයා උපුටා දක්වමින් ත්‍රිපූර් ප්‍රාන්තයේ මහඇමැතිවරයා කළ ප්‍රකාශය හෙලාදකින්නේ යැයි නේපාල විදේශ ඇමැතිවරයා පවසා ඇත.

නේපාල විදේශ ඇමැති ප්‍රදීප් කුමාර් ගවාලි නේපාලයේ විරෝධය පලකර තිබෙන්නේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

මේ අතර ඉන්දියාවේ නේපාල තානාපති නිලම්බර් ආචාර්යා මගින් මේ බව විධිමත් ලෙස ඉන්දීය රජයට දන්වා ඇතැයි ද ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය අද(17) වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද ජනමාධ්‍යට හමුවේ අදහස් දැක් වූ ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරු පැවසුවේ බී.ජේ.පී පක්ෂයට ලංකාවේ දේශපාලනය පහසු නැති බවයි.

ජී.එල්.පීරිස් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාව නිල වශයෙන් එවැනි දැනුම්දීමක් කර නැති බවයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...