29 C
Colombo
Saturday, July 27, 2024

නේපාල සංක්‍රමණික සේවකයන් දහස් ගණනක් යළි ඉන්දියාවට

- Advertisement -

ඉන්දියාවේ පසුගියදා හටගත් කොවිඩ් රැල්ල හේතුවෙන් යළි සිය රට බලා ගිය නේපාල සංක්‍රමණික සේවකයන් දහස් ගණනක් යළිත් ඉන්දියාවට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

දේශසීමා වසා දමා ඉන්දියාවට ඇතුලුවීම තහනම් කර තිබුණද ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ ඉන්දියාවට ඇතුලුවෙමින් සිටින බව සදහන් වේ.

කොවිඩ් දෙවන රැල්ලත් සමග ඉන්දියාවේ සිටි නේපාල සංක්‍රමණික සේවකයන් 27,000 ක් පමණ යළි නේපාලයට පැමිණ තිබේ.

කත්මන්දු පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ දිනකට 500ක් පමණ බැගින් පසුගිය සතියේ සිට ඔවුන් යළිත් ඉන්දියාවට යමින් සිටින බවයි.

මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් දෙවන රැල්ල බොහෝදුරට පාලනය වී ඇති අතර මීට සති තුනකට පමණ පෙර ලක්ෂ හතරක මට්ටමේ පැවති දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂයක පමණ මට්ටමට අඩුවී තිබේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...