27 C
Colombo
Saturday, June 10, 2023

නව ඔන්ලයින් බද්දක්?

- Advertisement -

ඔන්ලයින් වෙළදාම විධිමත්ව යාමනය කිරීම සඳහා අවශ්‍ය නීති රාමු සකස් කිරීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (20) දින පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවයි වෙළද අමාත්‍යවරයා පවසන්නේ.

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ආනයනය කිරීමේදී ඊට බදු අයවීමක් සිදු නොවන නමුත් දේශීය නිෂ්පාදකයන් හට විවිධ බදු ගෙවීමට සිදු වීමෙන් ඔවුන් අධෛර්‍යමත් වීමක් සිදුවන බැවින් ඒ සදහා යම්කිසි බදු ක්‍රමයක් හදුන්වා දීමට අවධානය යොමු කරන්නේදැයි මුසම්මිල් මහතා විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අදාල විද්වත් කමිටුව විසින් එම බදුකරණ ක්‍රියාවලියත් සලකා බලමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.