කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ නගර සීමාව තුළ එන්නත මඟහැරෙන පුද්ගලයින් සඳහා අලුතින් එන්නත් මධ්‍යස්ථාන පහක් පිහිටුවීමටත් එම මධ්‍යස්ථාන රාත්‍රී 10.00 තෙක් විවෘතව තැබීමටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහිදී යෝජනා කර තිබේ.
කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේදී උද්ගතවූ තත්වයන් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන්ට කරුණු පැහැදිලි කළ ඒ මහතා ජුනි 08 වනදා සිට සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාදෙන බවත් පළමු වතාවේ ඇතිවූ අඩුපාඩු සකස් කරගනිමින් මෙය ක්‍රියාත්මක කළයුතු අතර ඒ සඳහා රාජ්‍ය සහ දේශපාලන යාන්ත්‍රණයට සහයෝගය දැක්වීම සඳහා ක්‍රියාකළ යුත්තේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡා කළයුතු බවත් පෙන්වා දී ඇත.

එන්නත් ලබාගැනීමට එන පිරිස් කළමනාකරණය සඳහා යෞවන සමාජ සාමාජිකයින් යොදවාගත හැකි බවත් ජනතාවට එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ කෙටි වේලාවකින් එන්නත ලබාගත හැකි අයුරින් කෙටි පණිවිඩ හරහා පැමිණීමේ ක්‍රියාවලිය විධිමත්ව සැලසුම් කළයුතු බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත හැකි දිනයන් මාධ්‍ය මගින් දැනුම් දීමට කටයුතු කළයුතු බවත් නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
