සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා.
අද (13) අපර භාග 2.41 සිට ඉරිදා (14) පූර්වභාග 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.
ආහාර පිසීමේ නැකත අපර භාග 11.06ට යෙදී ඇති අතර, නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්නා ලෙසයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.