31 C
Colombo
Saturday, July 27, 2024

වැටුප් අර්බුදය නිසා නවසීලන්ත හෙදියන් සිදුකිරීමට ගිය දැවැන්ත වර්ජනය අත්හිටුවයි

- Advertisement -

රටේ දිස්ත්‍රික් සෞඛ්‍ය මණ්ඩල 20 සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජූලි 29 වන දින වැඩ වර්ජන දැන්වීමක් අවලංගු කළ බව නවසීලන්ත හෙද සංවිධානය (NZNO) සිකුරාදා නිවේදනය කරන ලදී.

සියයට 1.38 ක් වැනි උපහාසාත්මක වැටුප් දීමනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හෙදියන් සහ සෞඛ්‍ය සහායකයින් 30,000 ක් පමණ ජුනි 9 වන දින වැඩ වර්ජනය කළ අතර ජූලි 29, අගෝස්තු 19 සහ සැප්තැම්බර් 9 යන දිනවල රටපුරා වැඩ වර්ජන තුනක් සඳහා ඡන්දය ප්‍රකාශ කළහ.

ලේබර් පක්ෂය ප්‍රමුඛ රජය සෞඛ්‍ය සේවකයින් සහ ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගෙන් බහුතරයක් සඳහා තුන් අවුරුදු කාල සීමාවක් සඳහා වැටුප් වැඩිවීම් අත් හිටුවීමක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී. කොවිඩ්-19 වසංගතය මගින් අවුලුවන ලද ආර්ථික අර්බුදයේ බර සේවකයින් වෙත පටවමින් සිදු කළ එම ක්‍රියාවලියට එරෙහි වෙමින් සෞඛ්‍ය අංශ සේවකයින් වැඩ වර්ජනයකට අවතීර්ණ විය.

පසුගිය සතියේ පැවති සාකච්ඡා වලදී ‘සැලකිය යුතු ප්‍රගතියක්’ ලබා ඇති බවත්, ජූලි වැඩ වර්ජනය අවලංගු කිරීම සම්බන්ධයෙන් “කොන්දේසි සහිත” සංශෝධිත යෝජනාවක් දිස්ත්‍රික් සෞඛ්‍ය මණ්ඩල විසින් ඉදිරිපත් කළ බවත් නවසීලන්ත හෙද සංවිධානය මාධ්‍යයට පවසා තිබේ.

කෙසේ වෙතත් අගෝස්තු 19 සහ සැප්තැම්බර් 9 දිනවල වැඩවර්ජන අත් හිටුවීමක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...