29 C
Colombo
Saturday, July 27, 2024

නව දේශපාලන සංධානයක් බිහිවෙයි

- Advertisement -

2015 දී ආරම්භ කරන ලද දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හට දේශපාලන පක්ෂයක් ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් නීතිමය පිළිගැනීමක් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ පක්ෂය ‘පන්දම් එළියක’ ලකුණ රැගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

“අපේ අය අපිට කිව්වා එක්සත් වෙන්න කියලා, ඒ නිසා අපි කළා” යනුවෙන් ගනේෂන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් , ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි තිගාම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන්ගේ නායකත්වයෙන් යුත් කන්ද උඩරට ජනතා පෙරමුණ එක්ව 2015 ජුනි 03 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර මෙම සන්ධානය පිහිටුවා ගත්තා.

ඒ අනුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මේ වන විට ලියාපදිංචි පක්ෂයක් වන අතර එම සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිටිනවා.

එමෙන්ම නුවරඑළිය, කොළඹ, මහනුවර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, ගම්පහ සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ඇති පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් 150 කට අධික සංඛ්‍යාවක්ද එම සන්ධානය නියෝජනය කරනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...