26 C
Colombo
Saturday, May 18, 2024

ලබන මසදී විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

- Advertisement -

ලබන මස සිට සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලි බිල අඩුවන ආකාරය සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව මහජන උපයෝගීතා කොමිසම මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම යෝජනාවට අනුව ඒකක 0 -30 දක්වා කාණ්ඩය පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ගේ විදුලිබිල සියයට 26.9 අඩු වීමට නියමිතයි.

ඒකක 31 – 60 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙහි අඩුවීම සිදු වන්නේ සියයට 10.8කිනි.

ඒකක 61 -90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 7.2කින් අඩු කිරීමට යෝජනා වී තිබෙනවා.

මෙම යෝජනාවට අනුව වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ඒකක 91 – 180 දක්වා කාණ්ඩයේ විදුලිබිල අඩු කිරීම සිදු වනු ලබන්නේ සියයට 3.4කින්.

තවද ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට සියයට 1.3කින් විදුලි බිල අඩු වීමට නියමිතයි.

මේ අතර යෝජිත ගාස්තු සංශෝධනයේ දී ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා විදුලි බිලෙහි අඩුවීම සියයට 3.2කින් සිදුවන අතර කර්මාන්ත අංශය ,පොදු කාණ්ඩය, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන කාණ්ඩයේ විදුලි බිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

තවද හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12.6%කින් අඩු වීමට නියමිතයි.

මේ අනුව ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අනුව සමස්තයක් ලෙස විදුලි බිල අඩුවන්නේ සියයට 3කිනි.

RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...