ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මස මැද භාගයේදී ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
අද (09) හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
සංජීව එදිරිමාන්න මහතා මෙහිදී පවසා සිටියේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී ඇති බවයි.
ඒ අනුව ඊට ඊට සුදුසුම පුද්ගලයා ජනපති සටනට ඉදිරිපත් කරන බව ඔහු තවදුරටත් සඳහන් කළා.