31 C
Colombo
Saturday, July 27, 2024

නිලානි සහ යුපුන්ගේ ඔලිම්පික් සිහින සැබෑවෙයි

- Advertisement -

ජපානයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රි ලංකා කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් සුදුසුකම් ලබා තිබෙනවා.

යුපුන් අබේකෝන් එලෙස සුදුසුකම් ලබා ඇත්තේ මිටර් 100 ධාවන ඉසව්ව සඳහායි.

ඔලිම්පික් පරිසාදන මට්ටම ලඟා කර ගැනීම සඳහා ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.

එමෙන්ම, මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නිලානි රත්නායක සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව මලල ක්‍රීඩාව නියෝජනය කරමින් 2020 ටෝකියෝ ඔලිම්පික් වරම් ලැබූ පළමු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වීමට ද ඔවුන්ට හැකි වූ අතර ඔවුන්ට අමතරව අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරමින් මැතිල්ඩා කාර්ල්සන්, ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කරමින් මිල්කා ගෙහානි, වෙඩි තැබීම ඉසව්ව නියෝජනය කරමින් ටෙහානි එගොඩවෙල බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ ජූඩෝ ක්‍රීඩාවෙන් චාමර නුවන් ධර්මවර්ධන මීට පෙර ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...