29 C
Colombo
Saturday, July 27, 2024

නිරෝධායන මධ්‍යස්ථානයක පිරිසක් උපවාසයක

- Advertisement -

ශ්‍රී ලංකාවට පැමිණි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ නිකරුනේ රදවාගෙන සිටීමට උත්සාහ ගන්නා බව පවසමින් එම පිරිසේ 12 දෙනෙකු නිරාහාර උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම උපවාසය දෙසැම්බර් 29 දින රාත්‍රියේ සිට ආරම්භ කර ඇත.

දෙසැම්බර් 02 වැනිදා කටුනායකට පැමිණි අදාල කණ්ඩායමේ පුද්ගලයන් 276 දෙනෙකු සිට ඇතිි අතර PCR පරීක්ෂනයකට ලක් කර නිල්වාලා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

එම වාර්තා වලින් පුද්ගලයන් 3 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.ආදාල කණ්ඩායම දින 14 ක් නිරෝධයනයට යොමු කර ඇත. ඉන්පසුව සිදු කළ පීීීීීීීීසීආර් පරීක්ෂණයේදී තවත් එක් අයෙකු ආසාධිත බව හෙළි වීම නිසා ඔවුන් තවත් දින 14ක් නිරෝධායනයට ලක් කර ඇත.

ඒ වනවිට සියලු දෙනා එකම පහසුකම් භාවිතා කළ බවත් අනතුරුව පිරිස වෙන් වෙන් කාමරවල රැදී සිටිමින් වැසිකිලි පහසුකම් ආදිය බෙදාගෙන භාවිතා කළ බවත් ඔවුන් පවසයි.

දෙසැම්බර් 28 යලි PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එක් කාමරයක සිටි 06දෙනෙකු අතරින් එක් අයකු ආසාධිතයකු බව එහිදී හෙළි වී ඇත. මේ තත්වය මත වෙනත් කාමරවල රැදී සිටි පිරිසද තවත් දින 14ක් නිරෝදායනයට ලක් කරන බවට කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් අදාල පිරිස මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

ආසාදිතයා හමුවූ කාමරයේ අනෙක් පුද්ගලයන් නිරෝධායනය කිරීම සාධාරණ වුවත් මේ වනවිට තම කණ්ඩායම දින 30ක් ගත කර ඇති බවත් එම පිරිස පවසති.

මේ පිළිබඳව විමසීමකට අප යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එය ව්‍යර්ථ විය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...